ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය,
පොල් අඹේගොඩ,
උස්සාපිටිය
Main-bg1-min
DSC01468
DSC01464
DSC01465
DSC01469
DSC01462

විහරස්ථානයේ පිහිටීම.

කෑගල්ල දිස්ත්‍රික්කය, ගල්බඩ කෝරළේ, අරණයක, උප දිසාමති කොට්ඨාශයේ පිහිටියේය.මාවනැල්ල,අරණායක,ප්‍රධාන මාර්ගයේ කි.මි 7ක් පමණ ගිය විට මෙම විහාර්ස්ථානය හමුවේ.

ලිපිනය
ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය,පොල් අඹේගොඩ,උස්සාපිටිය

දු.ක. -035 2258566, 077 6134767

ආරම්භය - ක්‍රි.ව. 1708 පමණ යැයි සැක කෙරෙ.

ඓතිහාසික සාධක - විශාල බෝධි රාජයාණන් වහන්සේ හා වසර 350ක්ට වඩා පැරණි ටැම්පිට විහර මන්දිරය (මහනුවර යුගයේ චිත්‍ර මෙහි දැකිය හැක)

DSC01398

විහාර පරම්පරාව

මහනුවර සුදුහුම්පොල රජමහා විහාරධිපතිව වැඩ විසු ඉංග්‍රීසී කොඩිය බිම දමා පගා දැමීමෙන් සිංහලයන්ගේ ප්‍රෞඩත්වය ආරක්ශා කල පූජ්‍ය වාරියපොල ශ්‍රී සුමංගල හිමියන්ගේ ශිෂ්‍ය, පුජ්‍ය තුම්බැවිලේ ඉන්දසාර ස්ථවිරයන් වහන්සේ වැඩ විසූයේ මේ පූජ්‍ය වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් යටතේ ය. පුජ්‍ය තුම්බැවිලේ ඉන්දසාර ස්ථවිරයන් වහන්සේ ට ශිෂ්‍යන් දෙදෙනෙකි. පාත බුලත්ගම තුන්කෝරළය සහ සතර කෝරළ මහ දිසාවේ අනුනායක පදවිය කළ පූජ්‍ය ගොඩපොල ඉන්ද්‍රජෝති මහා ස්ථවිරයන් වහන්සේ ඉන් ප්‍රධාන ශිෂ්‍ය නමකි.පූජ්‍ය කොටගම සුමංගල ස්ථවිරයන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයානෝ  පූජ්‍ය කුළුගම්මන  චන්ද්‍රානන්ද ස්ථවිරයන් වහන්සේයි. උන්වහන්සේ 1972 දි අපවත් වී වදාළහ. ඉන් අනතුරුව විහාරාධිපති පදවියට පත් වූයේ, පූජ්‍ය මිනුවන්ගමුවේ ඉන්ද්‍රජෝති ස්ථවිරයන් වහන්සේයි. උන්වහන්සේ අපවත් වීමෙන් අනතුරුව විහාරධිපති ධූරය උසුලනු ලබන්නේ විශ්‍රාමික කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය දෙමළහිරියේ අනෝමදස්සි හිමියන්ය.
DSC01474
DSC01460
DSC01437

දියුණුව.

දැනට මෙම විහාර්ස්ථනායේ විහාරයකට අවශ්‍යය මූලික අංග සැහෙන දුරට සම්පූර්ණ කර ඇත. සංඝාවාසය, දර්ශනීය විශාල බුදුමැදුර්, චෛත් ්‍යය, පැරණි ටැම් විහාරය, බෝධින් වහන්සේ, සත්‍ර දේවාලය ආදි මූලික අංග ද ශ්‍රී චන්දානන්ද අනුස්මරණය, ශිෂ්‍ය භික්ෂු නේවාසිකාගාරය, ශ්‍රී සුමංගල පුස්තකාලය ආදි අංගයන්ගෙන් සම්පූර්ණ වී ඇත.
DSC01470
DSC01403
DSC01404

ආගමික සමාජීය ජාතික සේවා.

ශ්‍රී චන්දානන්ද දහම් පාසල, ශ්‍රී සුදර්ශනාරාම ළදරු උයන, ශ්‍රී සුදර්ශනාරාම ශ්‍රම දාන සංගමය, පොල් අඹේගොඩ විෂ වෙද රෝහල.
DSC01419
DSC01426
DSC01417

අධ්‍යාපනික සේවා.

කෑ/ශ්‍රී සුදර්ශනාරාම මහා පිරිවෙන, 1936 දී ආරම්භ කරන ලදී. මේ විද්‍යා ස්ථානය අද ඉතා උසස් අධ්‍යාපන ස්ථානයක් බවට පත්වී ඇත.
DSC01442
DSC01444
DSC01445

සමිති සමාගම්

ශ්‍රී සුදර්ශනාරාම දායක සභාව, ප්‍රගති යෞවන කේන්ද්‍රය, සුදර්ශානාරාම කලා හවුල, එක්සත් අනේ‍යාධාර සංගමය, විද්‍යා ප්‍රභාෂිණි ශිෂ්‍යන් සංගමය, සුදර්ශනාරාම ලමා සමාජය, ආදි සමිති සමාගම් කීයපයක්ම මෙම විහාර්ස්ථානය මූලික කරගෙන පවත්වා ගෙන යනු ලබයි.
DSC01423
DSC01410
DSC01407
DSC01452
DSC01451
DSC01457
DSC01455